යතුරු පැදි දෙකක් එකට ගැටී සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරියකු මරණයට පත්ව ඇතැයි කුරුණෑගල පොලිසිය පවසනවා.
ඉකුත් 10 වැනිදා කුරුණෑගල, වැවගෙදර, කුඩාගල්ගමුව මාර්ගයේ මාපේගමුව ආරණ්‍යය ඉදිරිපිට දී අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් මරණයට පත්ව ඇත්තේ නිකවැරටිය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පොලිස් කොස්තාපල් රියදුරු ඩබ්.එම්. රුමේෂ් ජයපද්ම (40) යන අයයි.
අනතුරින් යතුරු පැදි දෙකේම පැදිකරුවන් දෙදෙනා සහ පසු පැදිකරුවකු තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටිය දී ඉකුත් 18 වැනිදා එක යතුරු පැදියක පැදිකරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් රියැදුරුවරයා මරණයට පත්ව තිබෙනවා.
අනතුට හේතුව මරණකරුගේ අපරික්ෂාකාරී ධාවනය බවත් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් කුරුණෑගල පොලිසිය පවසනවා.
