මන්නාරම – මැදවච්චිය ප්රධාන මාර්ගයේ කිලෝමීටර් 35 හා 36 කණු අතර ප්රදේශයේදී අද (22) අලුයම සිදුවූ බස් අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයන් දස දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි.
කොළඹ දෙස සිට මන්නාරම දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ අයිනෙහි තිබූ ගසකට ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ ආසිකුලම්, මුරුන්කන් ප්රදේශයේ පදිංචි 29 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
තුවාල ලැබූ පුද්ගලයන් අතර පිරිමි 8 දෙනෙකු සහ කාන්තාවන් 2 දෙනෙකු ඇතුළත් වන අතර ඔවුන් මන්නාරම හා වව්නියාව රෝහල්වල ප්රතිකාර ලබමින් සිටින බව ද පොලිසිය සඳහන් කරයි.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය සෙට්ටිකුලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ රියදුරුද තුවාල ලබා ප්රතිකාර ලබමින් සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් පරයනාලන්කුලම් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
