Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පියල් මනම්පේරි තවදුරටත් රිමාන්ඩ්

1 year ago

මිද්දෙණිය  ප්‍රදේශයේදී  අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා යොදා ගන්නා රාසායනික ද්‍රව්‍ය ළඟ තබාගැනිමේ චෝදනාවට අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පියල් මනම්පේරි සහ විදුලි බල මණ්ඩලයේ සේවකයාගේ නඩුව අද (22) දින වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී විඩියෝ තාක්ෂණය ඔස්සේ කැඳවා තිබුණි.

එහිදී ඔවුන් දෙදෙනාව නැවතත් මෙම මස 29වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වලස්මුල්ල මහෙස්ත්‍රාත් මල්ෂා කොඩිතුවක්කු මෙනවිය නියෝග කර තිබේ.