ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනී පියුම් හංසමාලිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා (21) පැය තුනක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.
ඒ කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකථනයක තිබූ ඡායාරූපයක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළවය.
එම ඡායාරූපයේ පද්මේ සමග පියුමි හංසමාලි ඇතුළු මෙරට තවත් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියන් කිහිපදෙනෙකු සිටින බව වාර්තා වේ.
එමෙන්ම පද්මේ පියුමි හංසමාලි සමග පැවැත්වූ දුරකථන සංවාද කිහිපයක් ද ඔහුගේ ජංගම දුරකථනයේ තිබී හමුවී ඇති බව පැවසේ.
එම ඡායාරූපයේ සිටින සෙසු රංගන ශිල්පිනියන් ද ඉදිරියේදී ගෙන්වා ප්‍රකාශ ලබාගන්නා බව පොලීසිය පැවසුවේය.
මේ අතර එල්ල වන චෝදනාවලට පිළිතුරු ලබා දෙමින් ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඊයේ සිය සමාජ මාධ්‍ය පිටුවේ සටහනක් ලබා තිබුණා.
එම සටහන පහතින්.

