Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දිස්ත්‍රික්ක 11ක් සඳහා තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්

1 year ago

දිවයිනේ දිස්ත්‍රික්ක එකොළහක් සඳහා පනවා තිබූ නායයෑම් අවදානම් නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය (NBRO) කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, බදුල්ල, කළුතර, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අවදානම් තත්ත්වය තවදුරටත් ක්‍රියාත්මකයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය වැඩිදුරටත් දැනුම් දෙන්නේ, මෙම අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව ආපදා තත්ත්වයන් පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි.