සුඛෝපභෝගී මෝටර් රථයක් යොදා ගනිමින් නීතිවිරෝධී ලෙස මත්පැන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු මත්පැන් බෝතල් 30ක් සමග තොඩුවාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු කුලී පදනම මත ලබා ගත් සුපිරි වාහන යොදා ගනිමින් මෙම ජාවාරම සිදු කර ඇත.
ඒ සඳහා පවුලේ සාමාජිකයන්ද හවුල් කර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු, මත්පැන් හා මෝටර් රථය සමග මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
