Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉෂාරා පැනගිය බෝට්ටුව සහ පැද වූ සැකකරු අත්අඩංගුවට

1 year ago

ගණේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඉන්දියාවට පලාගිය බෝට්ටුව සහ එය පැදවූ පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම බෝට්ටුව යාපනය අරාළිතුඩුව මුහුදු තීරයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.

බෝට්ටු සපයා ඉෂාරා සෙව්වන්දිව ඉන්දියාවට පලා යාම සඳහා මඟ සැලසූ අන්තෝනිපිල්ලේ ආනන්දන් නමැත්තාට අයත් එම බෝට්ටුව පිරියන්කා නමින් හඳුන්වන අතර බෝට්ටුව අශ්ව බල 400 එන්ජිමකින් යුක්තය.

ආනන්දන් නමැති එම පුද්ගලයාගේ කිලිනොච්චිය නිවසේ සඟවා තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩද සොයාගත් බවයි වාර්තා වන්නේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල කාරියවසම් මහතා ප්‍රමුඛ නිලධාරීන් කණ්ඩායමක් අන්තෝනිපිල්ලේ ආනන්දන් නමැත්තා ගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී මෙම ගිනිය, ජීව උණ්ඩ සහ බෝට්ටුව සොයා ගැනීමට සමත්වී තිබෙනවා.