Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ත්‍රීරෝද රථ 2ක් ගැටී බිහිසුණු අනතුරක්! ගැබිනි මවක් ඇතුළු 4කට බරපතල තුවාල!

1 year ago

වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ගාල්ලේ වංගුව ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථ දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.

අනතුර සිදු වන අවස්ථාවේ දී ත්‍රීරෝද රථ දෙකෙහි කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර ඔවුන් සිව්දෙනාම අනතුරින් බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩි දුර ප්‍රතිකාර සදහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇත.

තුවාල ලැබූවන් අතර ගැබිනි මවක් ද සිටින අතර මෙසේ අනතුරට ලක් වී ඇත්තේ තිස්සමහාරාමය සහ ඔක්කම්පිටිය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය පැවසීය.

අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.