Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වෑන් රථයක් පෙරළීයාමෙන් මාරක අනතුරක්

1 year ago

කට්ටුවන්විල – වෙලිකන්ද ප්‍රධාන මාර්ගයේ වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා. 

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ එකම පවුලේ පිරිසක් ගමන් ගත් වෑන් රථයකි.

අනතුර සිදු වූ අවස්ථාවේ ප්‍රදේශවාසීන් එම ස්ථානයට පැමිණ වෑන් රථය තුළ සිරවී සිටි අය බේරගෙන වෙලිකන්ද රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වෑන් රථයේ රියදුරු අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

අනතුර සිදුවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

වැලිකන්ද පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.