Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ගුවන් යානය තුළදීම පහරදීමක්

1 year ago

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයක් තුළදී ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞදි අරාබි ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෞදි අරාබියේ රියාද් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙමින් තිබු යූ.එල් 266 දරණ යානයේ සිටි ගුවන් මගියෙකුයි.

ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට සූදානම් වෙමින් සිටියදී , ගුවන් යානය තුළ සියලුම ගුවන් මගීන් තම ආසන තුළ ආසන පටි පළදා ගෙන අසුන් ගෙන සිටීම අත්‍යාවශ්‍ය කරුණක් වන අතර , එම නීතිය උල්ලංඝනය කරමින් මෙම ගුවන් මගියා පමණක් වැසිකිළිය වෙත ගමන් කිරීමට තැත් කර තිබෙනවා.

එම අවස්ථාවේ දී මෙම ගැටුම ඇති වී ඇති බවයි කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය සිදුකළ මූලික විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අනතුරුව යානය කටුනායක ගුවන්තොටුපොළට ගොඩ බැස්සවීමෙන් පසු පොලිස් නිලධාරීන් විසින් සැකකාර සෞදි අරාබියානු ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇත.

කටුනායක ගුවන් තොටුපොළ හරහා මැලේසියාවට ගමන් කිරීමේ අරමුණින් පැමිණ ඇති එම සෞදි අරාබි ජාතිකයා 28 හැවිරිදි අයෙකු වන අතර ඔහු හෙට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.