යුක්‍රේනයේ කිව් අගනුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් තුන්දෙනෙකු මිය ගොස් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුවාල ලැබූවන් අතර කුඩා දරුවන් 06 දෙනෙකු ද සිටින බවයි.
කිව් අගනුවර ඩෙස්නියන්ස්කි ප්‍රදේශයේ මහල් නවයකින් යුත් ගොඩනැගිල්ලකට මෙම ප්‍රහාරය එල්ල කර තිබූ අතර, ගොඩනැගිල්ලේ සිරව සිටි පුද්ගලයින් 13 දෙනෙකු බේරාගත් බව එරට රාජ්‍ය හදිසි සේවය සඳහන් කළා.
