Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මොන්තා සුළි කුණාටුව ගැන කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

1 year ago

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම පීඩන අවපාතය හෙට (27) වන දා සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී, 28 වැනි දා උදෑසන චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ දෙසට ගමන් කරනු ඇති බවට අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙම සුළි කුණාටුව ඉන්දීය මාධ්‍ය විසින් ‘මොන්තා’ ලෙස හඳුන්වා ඇති අතර, මේ හරහා ආන්ද්‍ර ප්‍රදේශ් ආශ්‍රිත ප්‍රදේශයට ඉතා තද වැසි ඇති විය හැකි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මේ අතර නැවත දැනුම් දෙන තුරු කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් නොගැඹුරු මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ධීවර හා නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.