Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලූවර් කෞතුගාරයේ සොරකමට දෙදෙනෙක් අල්ලයි

1 year ago

පැරිසියේ ලූවර් කෞතුකාගාරයෙන් වටිනා ආභරණ සොරකම් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ප්‍රංශ මාධ්‍ය වාර්තා කරනවා.

මින් එක් සැකකරුවෙක් ඇල්ජීරියාව බලා යාම සඳහා එරට චාල්ස් ඩි ගෝල් ගුවන්තොටුපොළෙන් ගුවන් යානයකට ගොඩවීමට සූදානම්ව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ලොව සුප්‍රසිද්ධම කෞතුකාගාරයක් වන මෙහි තිබූ යුරෝ මිලියන 88 ක් වටිනා භාණ්ඩ පසුගිය ඉරිදා පෙරවරුවේ සොරුන් හතරදෙනෙකු විසින් කොල්ල කා තිබුණා.