Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිස් සැරයන්වරයාට මරු කැඳ වූ අනතුර

1 year ago

වැල්ලවාය පොලිස් වසමේ තණමල්විල මාර්ගයේ ආදාවෙලයාය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

තණමල්විල දෙස සිට වැල්ලවාය දෙසට ගමන් වූ යුද හමුදාවට අයත් බස් රථයක් හා ඊට ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදු වී අත.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කළත්, ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේ මියගොස් තිබේ.

මෙම අනතුරේදී මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක් වූ පොලිස් සැරයන්වරයෙකු වන අතර ඔහු රජමාවත, වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය වැල්ලවාය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, වැල්ලවාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.