ශ්‍රී ලංකාවේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 2025 වසරේ මුල් මාස හය තුළ 5%කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත මගින් හෙළිව තිබෙනවා.
විදේශගත වන ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව අඩුවීමට දේශීය ආර්ථික තත්ත්වයන් වැඩිදියුණු වීම සහ දේශීය වැටුප් ඉහළ යෑම හේතු වී ඇත.
2025 වසරේ මුල් මාස හය තුළ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සමස්ත ශ්‍රී ලාංකිකයන් ගණන 143,037 ක්.
ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව අඩුවී තිබියදීත්, විදේශ ප්‍රේෂණ ලැබීම් හි කැපී පෙනෙන ඉහළ යෑමක් වාර්තා වී ඇති බව සඳහන්.
