Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාසල් ගුරු සංවර්ධන නිළධාරීන් වැඩ වර්ජනයක

1 year ago

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද සිට වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළැඹීමට පාසල් ගුරු සංවර්ධන නිළධාරින්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ගුරු සංවර්ධන නිළධාරින් සහභාගි කර නොගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට හේතුවූ බවයි එහි ලේකම් විරාජ් මනරංග සඳහන් කළේ.

වසර 06 ක් සේවය කළ ගුරු සංවර්ධන නිළධාරින් සේවයට එක් කිරීමට තවමත් විධිමත් වැඩපිළිවෙළක් ගෙන නොමැති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.