Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මෙරට ප්‍රකට ව්‍යාපාරික සන්නාමයක් වන ‘ෆ්‍රීලන්’ නිර්මාතෘ දිවිසැරිය නිමා කරයි

1 year ago

මාතර ෆ්‍රීලන්  ආයතනයේ නිර්මාතෘ ලැනී බී ගමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (28) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

ෆ්‍රීලන්ඩ් ආයතනයේ සභාපති ලැනී බී ගමගේ මහතා උපත ලබා ඇත්තේ 1941 වසරේදීයි.

ඒ මාතර මැදවත්ත ප්‍රදේශයේදීයි.

සහෝදරයන් තුන්දෙනෙකුගෙන් හා සහෝදරියන් පස් දෙනෙකුගෙන් යුතු පවුලේ බාල දරුවා ලෙස ලැනී බී ගමගේ මහතා උපත ලබනවා.

පසුකාලීනව ෆ්‍රීලන් ආයතනය ගොඩනගන ඒ මහතා අති සාර්ථක ව්‍යාපාරයක් ලෙස එය වර්ධනය කිරීමට සමත්වුණා.

අභාවප්‍රාප්ත මාතර ෆ්‍රීලන්ඩ් ආයතනයේ නිර්මාතෘ ලැනී බී ගමගේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (28)  පස්වරු 3.00ට මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදී සිදු කිරීමට නියමිතයි.