අධික සුළං තත්ත්වය හේතුවෙන් ඓතිහාසික මිහින්තලා රජමහා විහාරස්ථානයේ උඩ මළුවේ පිහිටි අම්බස්තල බෝධීන් වහන්සේ අද (27) දහවල් කඩා වැටී වන්දනාවේ පැමිණි බැතිමතුන් කිහිපදෙනෙකුට අනතුරක් සිදු වී තිබේ.
මෙහිදී 45 හැවිරිදි අයෙක් ජීවීතක්ෂයට පත්ව ඇති අතර, වයස අවුරුදු නවයක දැරියක් තුවාල ලබා මිහින්තලයේ රජයේ රෝහලට ඇතුළත් කර ඇත.
අනතුර සිදුවී ඇත්තේ දහවල් 1.30 ට පමණ වනවිට, එම පවුල සහ ඥාතීන් කිහිපදෙනෙකු මහ සෑය වෙත වන්දනා කිරීමට යාමට සූදානම් වූ අවස්ථාවේදීය.
ඒ අවස්ථාවේදී අධික සුළං තත්ත්වය හේතුවෙන් බෝධිය කොටස් දෙකට බිඳී විශාල ප්රදේශයක් ආවරණය වන ලෙස පතිත වූ බව පොලිසිය සඳහන් කරයි
