Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තුන් හැවිරිදි පුතු ඝාතනය කළ 24 හැවිරිදි මව සියදිවි නසා ගනී

1 year ago

බටපොළ, කහටපිටිය ප්‍රදේශයේදී කාන්තාවක් විසින් සිය දරුවා ඝාතනය කර ඇය ද ගෙළ වැලලාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

බටපොළ පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයකදී අදාළ කාන්තාවගේ සහ දරුවාගේ මළ සිරුරු ඔවුන්ගේ නිවස තුළ තිබී සොයා ගෙන ඇති බව සඳහන්ය.

පොලිසිය සදහන් කළේ, ඝාතනයට ලක්වූ පිරිමි දරුවා අවුරුදු තුනහමාරක් පමණ වයසේ පසුවන අතර, සියදිවි හානිකරගත් මව 24 හැවිරිදි වියේ පසුවන බවයි.

ඇය මීට මාස කිහිපයකට පමණ පෙර විදේශ රැකියාවක නිරතව සිට යළි නිවසට පැමිණ තිබුණා.

ස්වාමිපුරුෂයා ඇය අතහැර ගොස් ඇති අතර, කුඩා දරුවා හැදී වැඩී ඇත්තේ සියදිවි හානිකරගත් කාන්තාවගේ පියා භාරයේයි.

බටපොළ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.