Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඝාතන තුනක වෙඩික්කරු ලෙස කටයුතු කළ අයෙක් අත්අඩංගුවට

1 year ago

හෙරොයින් ග්‍රෑම් 106ක් සමග ඝාතන තුනක වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කළ අයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනකු ඊයේ (27) පස්වරුවේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අනුරාධපුරයේ දී අත්අඩංගුවට ගෙන තිබුණා. 

පොලීසිය පැවසුවේ, අවුරුදු 44ක යුද හමුදා සේවය අතහැර ගිය පුද්ගලයෙකු හා අවුරුදු 40 සහ 30ක මත් ජාවාරම්කරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි. 

වෙඩික්කරු ලෙස සැකකෙරෙන පුද්ගලයා ඩුබායිහි සංවිධාන අපරාධකරුවෙකු යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ හෙරොයින් ජාවාරම් නිරත අයෙකු ලෙසට ද හඳුනාගෙන තිබෙනවා. 

පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 88යි මිලිග්‍රෑම් 490ක්ද තිබූ බවයි.