Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දියණිය විවාහ කර දෙන බවට ව්‍යාජ මංගල දැන්වීම් පළ කර බිරිඳ පෙන්වා මුදල් ගැරූ යුවළකට වැඩ වරදී

1 year ago

පුවත්පතක සිය දියණියව විවාහ කර දෙන බව පවසා බිරියගේ තොරතුරු ඇතුළත් ව්‍යාජ මංගල දැන්වීමක් පළ කර පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ තුනකට ආසන්න මුදලක් වංචා සහගතව ලබාගත් බව කියන අඹු සැමි යුවළකට දඬුවම් නියම කිරීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ජනවාරි මස (6) දින දක්වා කල් තැබුවා.

සිද්ධිය සම්බන්ධයෙන් වරද පිළිගත් කොළඹ ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින බව කියන අඹුසැමි යුවළකට එසේ දඬුවම් කිරීමට දින නියම කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් පිටකොටුව පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාර අඹුසැමි යුවළ සිය දියණියට සහකරුවෙකු සොයන බවට සඳහන් කරමින් ව්‍යාජ මංගල දැන්වීමක් පුවත්පතක පළ කර ඇති බවය.

සිය දියණියට සහකරුවෙකු සොයන බවට පළ කළ දැන්වීමෙහි දියණිය බව හඟවමින් සැකකාර ස්වාමිපුරුෂයා විසින් සැකකාර බිරියගේ ජංගම දුරකථන අංකය ඇතුළු තොරතුරු අදාල පුවත්පතේ පල කර ඇති බවත් ඔවුන් දෙදනා දැනුවත්ව එම වංචාව කර ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

සැකකාර අඹුසැමි යුවල එක්ව පුවත්පතේ පළ පළ කළ දැන්වීම දුටු පුද්ගලයෙකු දියණිය නමින් හැඳින්වූ එම සැකකාර බිරියගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාදී ඇති බවත් පසුව දෙදෙනා අතර සුහදතාවය වර්ධනය වීමෙන් අනතුරුව පැමිණිකරු සමග විවාහවීමට කැමති බව සැකකාර බිරිය පැමිණිලිකරුට දන්වා ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසූවා.

විවාහවීමට පෙර අවශ්‍ය කටයුතු ඉටු කර ගැනීම සඳහා තමන්ට මුදල් අවශ්‍ය බව එම සැකකාර බිරිය පැමිණලිකරුට දැනුම් දීමෙන් අනතුරුව පැමිණිලිකරු සැකකාර බිරියගේ ගිණුමට රුපියල් දෙලක්ෂ හැත්තෑ දහසක මුදලක් බැර කර ඇති බවට විමර්ශනවලදී තොරතුරු අනාවරණය වූ බවද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූවා.

අඹුසැමි යුවළ ඔවුනොවුන් දැනුවත්ව මෙම වංචා සහගත ක්‍රියාව සිදුකර ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දක්වමින් එම නිලධාරීන් අධිකරණයට දැන්වුවා.

සිද්ධිය සම්බන්ධයෙන් තමන් වරද බාරගන්නා බවත් වංචා සහගතව ලබාගත් මුදල් නැවත පැමිණිලිකරුට ලබාදීමට තමන් සූදානම් බවට සැකකාර අඹු සැමි යුවළ සිය නීතිඥ නාලක ජයසිංහ මහතා මගින් අධිකරණයට දැනුම් දුන්නා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට දඬුවම් නියම කිරීම ජනවාරි මස 6 දින දක්වා කල් තැබූවා.