Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

නව ජාතික බුද්ධි ප්‍රධානී සිය ධුරයේ වැඩ අරඹයි

1 year ago

නව ජාතික බුද්ධි ප්‍රධානී ලෙස පත් වූ මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ මහතා අද (28) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යාංශයේ ඔහුගේ කාර්යාලයේදී නිල වශයෙන් තම රාජකාරි ආරම්භ කළේය.

ඊයේ (27) ඔහුට පත්වීම් ලිපිය ලබා දුන්නේ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා විසිනි.

මේජර් ජෙනරල් නියංගොඩ මහතා, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සන්නාහ සන්නද්ධ බළකායේ කීර්තිමත් නිලධාරියෙකු ලෙස වසර 35කට අධික කාලයක පුරා සේවය කර ඇති අතර, ඔහුගේ සේවය තුළදී විශිෂ්ඨ නායකත්වය, වෘත්තීය කුසලතාව සහ රාජකාරි කැපවීම හෙළි පෙනී ඇත.

ඔහු යුද්ධ හමුදාවේ විවිධ මූලික හා අභියෝගාත්මක තනතුරු රැසක් දරමින් රටේ ආරක්‍ෂාව හා ජාතික ප්‍රතිපත්ති ඉටු කිරීම සඳහා වැදගත් දායකත්වයක් ලබා දී ඇත.