Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

sri lanka police

හරක් හොරකමේ ගිය පොලිස් කොස්තාපල්ගේ වැඩ තහනම්

1 year ago

මන්නාරම පොලිස් වසමේ දී ඉකුත්දා (25) අලුයම හරක් හොරකමක් සම්බන්ධයෙන්  සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කළ බව මන්නාරම පොලිසිය පවසනවා.

එලෙස වැඩතහනමට ලක්ව ඇත්තේ පේසාලෙයි පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් කොස්තාපල් වරයකුගේයි.

ඔහු ඉකුත් 23 වැනි දින නිවාඩු ලබා පිටව ගොස් රාජකාරි වාර්තා කර නොමැතිව, අසනීප නිවාඩු ලබා සිටිය දී මෙම සොරකම සිදු කර ඇති බව ද මන්නාරම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පවසනවා.

මේ වන විට පොලිස් නිලධාරියා සහ අනෙක් සැකකරු මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, හෙට (29 වැනි දින)දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඉකුත් 25 වැනිදා අලුයම මුරුන්කන් පොලිස් වසමේ නානට්ටාන් ප්‍රදේශයේදී, පුද්ගලයන් තිදෙනෙකු විසින් ගවයෙකු සොරකම් කර ත්‍රිරෝද රථයකට පටවා ගැනීමට උත්සහ කිරීමේ දී ප්‍රදේශවාසීන් සිදුවීම දැක කෑගසා ඇති අතර, එහි දී ත්‍රිරෝද රථය පලාගොස් තිබෙනවා.

පසුව ප්‍රදේශවාසීන්ද යතුරු පැදි මගින් ත්‍රිරෝද රථය පසුපස හඹාගොස් ඇති අතර, ත්‍රිරෝද රථය මන්නාරම පොලිස් වසමේ ජපන් මිත්‍රත්ව පාලම අසල පිහිටි මාර්ග බාධකය අසල දී නවතා ගැනීමට එම ස්ථානයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් කටයුතු කර තිබුණා.

පොලිස් නිලධාරීන් ත්‍රිරෝද රථයේ සිටි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පොලිස් නිලධාරියකු බව ද හඳුනාගෙන තිබෙනවා.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී, මෙම සොරකමට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු වන්කාලවයි හන්දිය අසල දී ත්‍රිරෝද රථයෙන් බැස පලාගිය බවට අනාවරණය වෙනවා.

ඒ අනුව විමර්ශන කර එම ප්‍රදේශයේ දී මෙම සොරකමට සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර, තවත් පුද්ගලයකු පලාගොස් තිබෙනවා.

(source – hiru news)