Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යුද හමුදා පුහුණුවක් අතරතුර අත් බෝම්බයක් පුපුරා යාමෙන් අනතුරක්! සෙබළුන් 3ක් රෝහලට!

1 year ago

මාඳුරු ඔය යුද හමුදා පුහුණු කඳවුරේදී අද (29) උදෑසන පැවති යුද හමුදා පුහුණුවක් අතතුර අත් බෝම්බයක් පුපුරා යාමෙන් සිදුවූ අනතුරකින් යුද හමුදා සෙබළුන් තිදෙනෙක් රෝහල් ගත කර තිබේ.

අදාළ අනතුරින් තුවාල ලැබූ යුද හමුදා සෙබළුන් තිදෙනා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

අනතුරින් සෙබළුන්ගේ පාදවලට තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා යුද හමුදාව සහ රුසියානු යුද හමුදාව අතර මේ දිනවලදී පැවැත්වෙන යුද අභ්‍යාසයක් අතරතුරදී මෙම අනතුර සිදුව ඇති බව සඳහන්ය.