Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් වීසා කටයුතු ගැන දැනුම්දීමක්

1 year ago

ඉන්දීය වීසා සහ කොන්සියුලර් සේවා කටයුතු නොවැම්බර් 03 වනදා සිට එරට මහ කොමසාරිස් කාර්යාලය මෙහෙයවන බව එම කාර්යාලය පවසනවා.

වීසා ආශ්‍රිත කටයුතු සිදු කරන බාහිර ආයතනය ක්‍රියාත්මක වන්නේ ඔක්තෝබර් 31 දක්වා පමණක් බවයි  ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුම්දී ඇත්තේ.

ඒ අනුව ලබන සඳුදා සිට ඉන්දීය වීසා, විදේශ ගමන් බලපත්‍ර හා කොන්සියුලර් සේවා සියලු කටයුතු කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය, මහනුවර සහකාර ඉන්දීය මහකොමසාරිස්, යාපනය කොන්සල් කාර්යාල මගින් සෘජුවම සිදු කරනු ලබනවා.