වැලිගම ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපත වර්තමාන සර්වජන බල පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී පුෂ්පකුමාර බැට්ටගේ නොවැම්බර් 06වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.
පසුගිය 24 වැනිදා වැලගම හට්ටියාදූව ප්‍රදේශයේ දී PD 5886 දරණ කැබ් රථයෙන් පුද්ගලයෙකුව අනතුරට ලක් කර පලා යාම සම්බන්ධයෙන් වැලිගම පොලිසිය මගින් ප්‍රාදේශීය සභා මන්ත්‍රී පුෂ්පකුමාර බැට්ටගේ නැමැත්තාව අත්අඩංගුවට ගෙන තිබුණි.
අනතුරුව ඔහුව මාතර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර එහිදි නඩු අංක Br/6022/25 යටත් මෙම නඩුව විමසු මාතර අතිරේක මහේස්ත්‍රාත් විසින් නොවැම්බර් 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදි.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු වැලිගම පොලිසිය විසින් සිදු කරයි.
