Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ඡායාරූපය පිළිබඳව මන්ත්‍රීනි නිලන්ති කොට්ටහච්චිගෙන් සටහනක්

1 year ago

සමාජ මාධ්‍යයේ සංසරණය වන ඡායාරූපයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සිටින අනෙක් පුද්ගලයා තමා නොවන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පවසනවා.

හිටපු ජනපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන් විවාහ මංගල්‍යයට තමන් සහභාගී නොවූ බවත්, එම උත්සව‍යේ තමන් ආරාධිතයෙකු නොවූ බවත් මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැහැදිලි කර තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් මන්ත්‍රීවරිය අවධාරණය කරන්නේ, අදාළ ඡායාරූපය කිසියම් ආකාරයකින් සංස්කරණය කරන ලද්දක් වනවා නම් ඒ පිළිබඳව තමන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඇය තබා තිබූ සටහන පහතින්.