Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මියගිය ධීවරයින්ගේ මරණ ගැන විවෘත තීන්දුවක්

1 year ago

නොරෝච්චෝල නාරක්කල්ලිය ප්‍රදේශයේ දී වෙරළට පාවී ආ බෝතලයක තිබූ ද්‍රාවණයක් පානය කිරීමෙන් පසු ඇතිවූ සංකූලතා හේතුවෙන් මරණයට පත් වූ ධීවරයින් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් විවෘත තින්දුවක් ලබා තිබෙනවා.

පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ප්‍රසන්න අප්පුහාමි මහතා පශ්චාත් මරණ පරික්ෂණයේදී ප්‍රකාශ කළේ එම ධීවරයින්ගේ සිරුරු කොටස් රජයේ රස පරික්ෂක වෙත යවා වැඩිදුර වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවයි. 

එමෙන්ම මරණයට පත් වූ ධීවරයින් දෙදෙනා පානය කළ ප්ලාස්ටික් බෝතලයේ අඩංගු දෑ මොනවා දැයි සොයා බැලීමට අදාළ බෝතලයේ අඩක් තිබු ද්‍රාවණය ද රජයේ රස පරික්ෂකවරයාට ඉදිරිපත් කිරීමට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා නිර්දේශ  කර තිබුණා.

මෙම සිදුවීමෙන් ඊයේ දිනයේ දී පුද්ගලයින් දෙදෙනෙකු මිය ගිය අතර තවත් කිහිප දෙනෙකු ඇතිවූ සංකූලතා හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මෙම සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් සහ 40ක් වන පුත්තලම ප්‍රදේශයේ පදිංචි ධීවරයින් දෙදෙනෙක්.