Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

21 රැළියට සහභාගී වීම පිළිබඳව දිලිත් ජයවීරගේ අදහස

1 year ago

ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත විපක්ෂ රැලියට සහභාගී නොවීමට සර්ව ජන බලය පක්ෂය තීරණය කර තිබෙනවා.

සාක­ච්ඡා­ව­කින් තොරව සර­ලව මතු­පි­ටින් ගෙන හදන්න හදන කිසිම විප­ක්ෂ­යක් ඒකා­බද්ධ හෝ ඒකා­බද්ධ නොවී සාර්ථක වන්නේ නැති බව සර්ව­ජන බලය නායක, දිලිත් ජය­වීර මහතා පවසනවා.

මන්ත්‍රී­ව­රයා මේ බව පැව­සුවේ සර්ව­ජන බලය පක්ෂ කාර්යා­ලයේ ඊයේ (29) පැවති මාධ්‍ය සාක­ච්ඡා­ව­කට එක්වෙ­මින්

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ මන්ත්‍රී­ව­රයා

“අපට අව­ශ්‍යයි මේ හැමෝ­ගෙන්ම අහන්න, මොකක්ද අපි ඉදි­රි­පත් කරන විස­ඳුම, වැඩ­පි­ළි­වෙළ, ඒ පිටු­පස තිබෙන ක්‍රියා­මාර්ග, ඉන් කොහො­මද තාර්කි­කව ජන­තා­වගේ ජන ජීවි­තය වෙනස්වී දරි­ද්‍ර­තා­වය නැතිවී දියුණු රටක් බවට පත් වෙන්නේ කියලා. මේ සංවා­ද­යක් නැතුව අපි නැවත වරක් මේ මහ පොළොවේ පස් කාගෙන කෑ ගැහු­වාට වැඩක් නෑ. සද්භා­ව­යෙන් කට­යුතු කර­නවා නම් අපි එක ලකු­ණ­කින් තරග කර­නවා. හැබැයි ඒකා­බද්ධව නෙවෙයි.

වෙන වෙනම දේශ­පා­ල­නය කරන අතරේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය රැක­ගන්න ඕනෙ. ඒ ගැන විශ්වා­ස­යක් තිබෙන කවු­රු­හරි ඉන්නවා නම් යෝජනා කළ යුත්තේ අවම කොන්දේසි මත එක ලකු­ණ­කින් තරග කිරී­මට වැඩ­පි­ළි­වෙ­ළක්. එහෙම නැතුව රෑට එතැන ඉඳලා දවල්ට මෙතැන ඉඳලා ආයෙ­මත් රෑට එතැන්ට ගිහින් කතා කර ඒ ගුලි කන්න අපට බෑ.”