Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දරුවෝ මත්ද්‍රව්‍ය ගත්තොත් මම සියදිවි නසාගන්නවා – අරවින්ද ද සිල්වා

1 year ago

තම දරුන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වුවහොත්  තමන් සිය දිවි නසාගන්නා බවට ඔවුන්ට පවසා ඇති බව හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතා පවසනවා.

“මගේ දරුවන්ටත් මම කියලා තියෙන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණොත්, මම සියදිවි නසා ගන්නවා කියලා. ඉතින් ඒගොල්ලන්ගේ ඔළුවෙත් හැමතිස්සෙම ඕක වැඩ කරනවා.”

අද (30) පැවති විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා වන රජයේ නව වැඩපිළිවෙල වන ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ සමාරම්භයට එක් වූ ඒ මහතා මේ බව සඳහන් කළා.

ඔහු එහිදී සඳහන් කළේ, තමන්ගේ  මිතුරන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ජීවිතයෙන් නැති වී ගිය අත්දැකීම් ඇසින් දුටු බැවින්, මෙම දැඩි අවවාදය තම දරුවන්ට ලබා දුන් බවයි.

ඉදිරි පරපුරට මෙවැනි ආරක්ෂාවක් අවශ්‍ය බවත්, ඔවුන් ක්‍රීඩාව වැනි යහපත් ක්‍රියාවලට යොමු කිරීම ඉතා වැදගත් බවත් අරවින්ද ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළා.