සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ හිටපු සභාපති හුසෙයින් අහමඩ් බහිලා අල්ලස් කොමිසම විසින් අද (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, සංස්ථාවට එනම් රජයට රුපියල් කෝටි 10කට ආසන්න පාඩුවක් සහ එම මුදලේ වටිනාකමට සමාන වාසියක් බාහිර පාර්ශ්වයක් වෙත සලසා දීම යන චෝදනාවට අනුවයි.
ඒ අනුව, නවකෝටි අනූ හය ලක්ෂ හැත්තෑනව දහස් හත්සිය අනූනවයක (රැ. 99,679,799.70) ක පාඩුවක් හා එම මුදලේ වටිනාකමට සමාන වාසියක් බාහිර පාර්ශ්ව වෙත සලසාදීම යන චෝදනාවට මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසනවා.
සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව වෙත භාණ්ඩ හා සේවා මිළදී ගැනීමේදී අනුගමනය කළ යුතු නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් ඉකුත් 2015 වර්ෂයේදී සංස්ථාව වෙත කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව කොකුන් ගබඩා (තාවකාලික ගබඩා) 50 ක් ආනයනය කිරීම මගින් මෙම වරද සිදුකර ඇතැයි අනාවරණය වී ඇතැයි අල්ලස් කොමිසම සඳහන් කරනවා.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
