වසර 11ට පෙර ගාල්ල කලේගාන ප්‍රදේශයේ දී හෙරොයින් ජාවාරමේ නිරතව සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු කාන්තාවකට එරෙහිව ගාල්ල මහාධිකරණයේ පැවති නඩු විභාගයකදී චූදිත කාන්තාව අදාල චෝදනාවට වරදකරු වීම හේතුවෙන් ඇයට ගාල්ල මහාධිකරණ විනිසුරු පූර්ණිමා පරණමාන විසින් අද (31) ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරනු ලැබුවා.
මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරුණේ ගාල්ල කලේගාන ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි කාන්තාවකටයි.
චූදිත කාන්තාව කලක් තිස්සේ මහා පරිමාණයෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කාන්තාවක් බවත්, ඇය පිළිබඳ ලද තොරතුරක් මත 2014.05.09 වන දින ගාල්ල දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සිදුකල වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 09 යි මිලි ග්‍රෑම් 18ක් සමග අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී චූදිත කාන්තාවට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙ පැවති මූලික නඩු විභාගයෙන් පසු නීතිපතිවරයා විසින් හෙරොයින් ජාවාරම් කිරීම හා සන්තකයේ තබාගැනීමේ චෝදනා දෙකක් යටතේ 2015.01.12 දින ගාල්ල මහාධිකරණය හමුවේ අධි චෝදනා බාර දී තිබෙනවා.
ඉන් අනතුරුව පැවති නඩු විභාගයෙන් අනතුරුව චූදිත කාන්තාවට නගා තිබූ අධි චෝදනා දෙකෙන් එකක් සාධාරණ සැකයෙක් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල සමත් වී ඇති බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.
ඒ අනුව දෙපාර්ශ්වයේම ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ගාල්ල මහාධිකරණ විනිසුරුවරිය චුදිත කාන්තාවට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කර තිබෙනවා.
