Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරුවරුන්ට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ විශේෂ අවස්ථා – අගමැති

1 year ago

නිර්මාණශීලි ගුරුවරුන්ට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ විශේෂ අවස්ථා නිර්මාණය කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

ඉන්දියාව මෙරට ගුරුවරුන්ට අවශ්‍ය පුහුණුව ලබා දීමට කටයුතු කරමින් සිටින බව ද අග්‍රාමාත්‍යවරිය කියා සිටිනවා.

ඉන්දීය රජයේ සහාය ඇතිව පොළොන්නරුව ප්‍රදේශයේ ඉදි කළ බහුවාර්ගික ත්‍රෛයිභාෂා පාසල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව කියා සිටියා.

මෙරට විවිධ ආගම් , භාෂා සහ ජනවර්ගවලට අයත් පුද්ගලයන් එකමුතුව ජීවත්වන බව අභිමානයෙන් සඳහන් කළ යුතු බවයි අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ.