ෂොපිං බෑග් නොමිලේ ලබාදීම අද සිට තහනම් කර තිබේ.
ඒ අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ මෙම පොලිතීන් මලු සඳහා සාධාරණ මිලක් වෙළෙඳුන් විසින් අයකර ගතයුතු බව සඳහන්.
එම මුදල බිල්පතෙහි ප්‍රදර්ශනය කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ වැඩබලන අධ්‍යක්ෂිකා සමන්ති කරුණාරත්න ප්‍රකාශ කළා.
