Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රජයේ නිළධාරියෙකු නිල කාමරය තුළ ගෙළවැලලාගෙන සිය දිවි නසා ගනී

1 year ago

මඩකලපුව මැතිවරණ කාර්යාලයේ තාක්ෂණ නිලධාරිවරයෙක් ඔහුගේ නිල කාමරය තුළ ගෙළවැලලාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි මඩකලපුව පොලිසිය පවසනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ පාසල පාර, භාරතීපුරම්, එලුවිල්, කලවංචිකුඩි ලිපිනයේ පදිංචි එම්. ප්‍රසාන්තන් (35) නමැති මඩකලපුව මැතිවරණ කාර්යාලයේ තාක්ෂණ නිලධාරිවරයායි.

මොහු අවිවාහකයකු බවද පොලිසිය පවසනවා.

ඉකුත් 30 වැනිදා මෙම තරුණයා සිය නිල කාමරයේදී ගෙල වැලලාගෙන සිටියදී හමුව ඇති අතර, මෙතෙක් මරණයට හේතුවක් අනාවරණය වී නැතැයි ද පොලිසිය සඳහන් කරනවා.

මඩකලපුව මූලස්ථාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත බණ්ඩාර ඇතුළු නිලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වනවා.