මිනුවන්ගොඩ නිවාස සංකීර්ණයක සිටි ව්‍යාපාරිකයෙකු පිස්තෝලයක් සහ උණ්ඩ 13ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
පෑලියගොඩ බස්නාහිර උතුරු අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් අනුව අද (01) දින සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ, සොයාගත් ගිනි අවිය ශ්‍රී ලංකා පොලීසිය භාවිතා කරන නවීනතම ආකාරයේ පිස්තෝලයක් බවය.
හීනටිගල මහේෂ් නමැති සංවිධානාත්මක අපරාධ කල්ලියේ සාමාජිකයෙකු විසින් පෙර වෙඩි තැබීමක් සිදු කළ නිසා, ආරක්ෂාව සඳහා මෙම පිස්තෝලය රු. 350,000ක් දී කෙහෙලේබද්දර පද්මේ නමැත්තන්ගෙන් මිලදී ගත් බව සැකකරු පවසා තිබේ.
ඔහු හෙට (02) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සඳහා රඳවා ගැනීමට නියමිතය.
