Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිසියේ ලොකු පුටු හෙල්ලෙයි

1 year ago

පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන්ගේ ස්ථාන සහ රාජකාරි වෙනසක් සිදුවීමට නියමිත බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

යූටියුබ් මාධ්‍යකරුවන් සමග සම්බන්ධ වී පොලිස්පතිවරයාට එරෙහිව මඩ ප්‍රචාර යැවීමට කටයුතු කළ බව කියන ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියකුට එරෙහිව විමර්ශන ආරම්භ වීමත් සමගම මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මාරුවීම් සිදුවන බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ලලිත් පතිනායක මහතා එම තනතුරින් ඉවත් කර මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර තිබේ.

පොලිස් ආරංචිමාර්ග පවසන්නේ පොලිස් පරිපාලන අංශයේ ප්‍රධානියා ලෙස පත් කිරීමට නියමිතව සිටින්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා බවයි. බස්නාහිර පළාත භාර නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සංජීව මැදවත්ත මහතා පත්කිරීමට නියමිතය.

ඊට අමතරව උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් ධනපාල මහතා උතුරුමැදටත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතා උතුරු පළාත භාරවත් මාරුකර යැවීමට නියමිතය.

(source – divaina)