Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කලවානේ වෙඩික්කරු තුවක්කුවත් සමඟ කොටුවෙයි

1 year ago

කලවාන , දෙල්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුට පසුගිය (31) වැනිදා වෙඩි තැබූ සැකකරු කලවාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කලවාන කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත ලැබුණු තොරතුරක් මත කලවාන, එළවැල්ල ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවා.

සැකකරු සතුව තිබූ වෙඩි තැබීම සඳහා යොදා ගත් බෝර 12 ගිනි අවිය සමග පතුරම් හයක් සහ උල් පිහියක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.