ෆේස්බුක් මගින් සංවිධාන කළ පැලවත්ත ප්‍රදේශයේ පැවති සාදයක දී මත්ද්‍රව්‍ය සමඟ 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පැලවත්ත ප්‍රදේශයේ ප්‍රසිද්ධ ස්ථානයක මෙම ෆේස්බුක් සාදය පවත්වා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු තොරතුරකට අනුවයි සෝදිසි මෙහෙයුමක් සිදු කෙරුණේ .
එහිදී හෙරොයින් ,ගංජා , අයිස් මත්පැන් ඇතුළු මත්ද්‍රව්‍ය සමග එම සාදයේ සිටි 35 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.
එම සාදය සංවිධාන කළ කාන්තාවක් ද අත්අඩංගුවට ගැනුණු අතර සැකකරුවන් ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
