Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රුපියල් 100 වතුර බෝතලය 140ට විකුණුවාට ලක්ෂ ගණනක් දඩයක්

1 year ago

පාරිභෝගික සේවා අඥාපනත උල්ලංගණය කරමින් භාණ්ඩ අලෙවි කළ ව්‍යාපාරිකයින් 8 දෙනෙකුට රු.743,000ක දඩ මුදලක් නියම කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා ධර්මදාස කටයුතු කර තිබේ.

ඒ වැඩි මිලට භාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය අලෙවි කිරිම, මිල ප්‍රදර්ශනය නොකිරිම යන චෝදනා මතයි.

නුවරඑළිය දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් විසින් කළ වැටලීමකට පසුවයි මෙම නඩුව ගොනුකර ඇත්තේ.

දඩ මුදල් ගෙවූ අය අතර රු.100ක් වටිනා වතුර ලිටර් 1ක බෝතලයක් රු.140ට අලෙවි කිරිමට එරෙහිව රුපියල ලක්ෂ 05ක දඩයක්ද පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳුන් දෙදෙනෙකුට රුපියල් ලක්ෂය බැගින්ද දඩ මුදල් නියම කර තිබෙනවා.