Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රතු වරෙන්තු නිකුත් කර සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරියෙක් වන ‘Saliya T’ අත්අඩංගුවට

1 year ago

සමාජ මාධ්‍ය ක්‍රියාකරුවෙක් වන ‘Saliya T’ යූ ටියුබ් චැනලයේ හිමිකරු සාලිය තුෂාර රණවක තායිලන්තයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එරට ගුවන්තොටුපළේදී තායිලන්ත ආගමන විගමන නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වනවා.

සාලිය රණවකට රතු වරෙන්තු නිකුත් කර ඇති බවට ද මින් පෙරද වාර්තා පළවූ අතර, අත්අඩංගුවට පත්වීමෙන් පසු ඔහු අත්විලංගු සමග සමාජ මාධ්‍ය ඔස්සේ පෙනී සිටිමින් වීඩියෝවක් නිකුත් කර තහවුරු කළේ තමන් අත්අඩංගුවේ පසුවීම සත්‍ය බවයි.

ඔහු සිය යූටියුබ් චැනලයේ ආන්දෝලනාත්මක වීඩියෝ පළකිරීම සම්බන්ධයෙන්ද ප්‍රසිද්ධියක් උසුළනවා.

කෙසේවෙතත්, ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ, තමා ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි පවසමින් එරට නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.