සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ‘මධුසංඛ’ නොහොත් ‘සමපෝෂ’ නමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් ය.
සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ය.
එහිදී සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 26 මිලිග්‍රෑම් 890 ක් ද සොයාගෙන ඇත.
එමෙන්ම,සැකකරු මනුෂ්‍ය ඝාතන පහකට සම්බන්ධ බව ද පොලිසිය සඳහන් කළේ ය.
සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ගමගේ සාරංග ප්‍රදීප් නොහොත් ‘වැල්ලේ සාරංග’ යන අයගේ සමීපතමයෙකු බව සඳහන් ය.
