Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කඩවත – බණ්ඩාරවත්ත අතර රථවාහන ගමනාගමනයට සීමා

1 year ago

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියෙහි ඉදිකිරීම් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් රථ වාහන ගමනාගමනය සීමා කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය හරහා අදියර දෙකක් යටතේ පාලමක් ඉදි කිරීමට නියමිතව ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය දන්වා ඇති බවයි.

මෙම ඉදිකිරීම් ඊයේ (01) දින සිට ලබන වසරේ ජනවාරි මස 31 වැනිදා දක්වා සිදුකෙරනවා.

මෙහි පළමු අදියරේදී කඩවත බණ්ඩාරවත්ත ප්‍රදේශයෙන් මංතීරු දෙකකින් යුත් කොළඹ සිට නුවර දෙසට ඇති මාර්ගයෙහි එක් මං තීරුවක් වසා දැමීමට කටයුතු කරනු ලබන බවද පොලිසිය සඳහන් කරනවා.

දෙවැනි අදියර යටතේ නුවර දෙස සිට කොළඹ දෙසට පාලම ඉදිකිරීම් සිදු කරන බැවින් එම කාලය තුළ මංතීරු දෙකකින් යුත් නුවර සිට කොළඹ දෙසට ඇති මාර්ගයෙහි එක් මංතීරුවක් වසා දැමීමට කටයුතු කරනු ලබන බව ද පොලිසිය සඳහන් කරනවා.

එබැවින් එක් මංතීරුව බැගින් වසා තබන දිශාවට ක්‍රියාත්මක වන බැවින් මෙම සම්පූර්ණ කාලය තුළ එම මාර්ගයේ වාහන තදබදයක් ඇති වීමට ඉඩකඩ ඇතැයි ද පොලිස් මූලස්ථානය පවසනවා.

එබැවින් එහි ඉදිකිරීම් සිදු කරනු ලබන කාලය තුළ කොළඹ මහනුවර මාර්ගය භාවිතා කරන රියැදුරන් හැකිතාක් කඩවත පිටත වටරවුම් මාර්ගය භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.