බදුල්ල – වැලිමඩ ප්‍රධාන මාර්ගයේ ඇටම්පිටිය, මොරේතොට ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාලකරුවන් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බවයි ඇටම්පිටිය පොලිසිය පවසන්නේ.
කොන්ක්‍රීට් කණු පටවාගෙන ධාවනය කරමින් තිබූ ලොරි රථයක් හා ත්‍රීවීල් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.
තුවාල ලබා රෝහල් ගතකර ඇත්තේ ඇටම්පිටිය ප්‍රදේශයේ පදිංචි පිරිසක්.
තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවද පොලිසිය පවසනවා.
අද (03) සවස 5.00ට පමණ අනතුර සිදුව ඇති බවයි සඳහන්.
