Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මර්වින්, ප්‍රසන්න ඇතුළු 06කට එරෙහි නඩුව මාස කිහිපයකට කල් යයි

1 year ago

කිරිබත්ගොඩ , රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව හිටපු ඇමැති මර්වින් සිල්වා හා හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර ඇතුළු හය දෙනෙකුට එරෙහිව පවරා තිබෙන නඩුව අද (03) මහර අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය හමුවේ කැඳවූ අවස්ථාවේ එය ලබන වසරේ ජුලි මස 20 වැනි දිනට කල් තබන ලදී.

මේ සම්බන්ධව නීතීපති උපදෙස් ලැබී නැති හෙයින් එම නඩුව මෙසේ කල් තැබුවාය.

මේ නඩුවේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හයවන සැකකාර කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන අය තවදුරටත් මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

හිටපු ඇමැති මර්වින් සිල්වා , හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර , කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල් , හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මිල්රෝයි පෙරේරා , හිටපු ඇමැති මර්වින් සිල්වා ගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් හා නවීන් වීරකෝන් යන හය දෙනාට එරෙහිව මේ නඩුව පවරා තිබෙන අතර හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන අය හැර සෙසු පස්දෙනා මේ වනවිට මහාධිකරණයෙන් ඇප ලබා මුදා හැර ඇත.