Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අධික රුධිර පීඩනය මඩින්න රාගම වෛද්‍ය පීඨයෙන් අලුත් ඖෂධයක්

1 year ago

අධි රුධිර පීඩනයෙන් පෙලෙන රෝගීන් සඳහා දෙනු ලබන ත්‍රිත්ව පෙති මාත්‍රාව වෙනුවට ලොව ප්‍රථම වතාවට පෙති තුනේම ඖෂධ ගුණය කැටිකොට එක් පෙත්තක් නිපදවීමේ සාර්ථක පර්යේෂණයක් ශ්‍රී ලංකාවේ දී සිදුකර තිබෙනවා.

කැළණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ සායනික අත්හදා බැලීම් ඒකකය විදේශ විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන කිහිපයක් සමග එක්ව මෙම සාර්ථක නිෂ්පාදනය සිදුකර තිබෙනවා.

අධි රුධිර පීඩනය ලොව බොහෝ දෙනෙකු පෙලෙන රෝගී තත්ත්වයක්. ඒ හේතුවෙන් මොලය අභ්‍යන්තරයේ සිදුවන ලේ ගැලීම සමග ඇති වන ආගාතය පාලනය කිරීමට හැකිවීම නව ඖෂධයේ විශේෂත්වයක්.

සෑම වසරකම ලොව පුරා මිලියන 20ක් නව ආගාත රෝගීන් ලෙස හඳුනා ගැනෙනවා.

ඉන් 10%ක්ම මොලය අභ්‍යන්තර රුධිර වාහනය හේතුවෙනුයි.

ඒ සඳහා ශ්‍රී ලංකාව මුල්කර ගත් මෙම ජාත්‍යන්තර වෛද්‍ය පර්යේෂණය කදිම විසඳුමක් බවයි කැළණිය විශ්වවිද්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කෙරුණේ.

එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිනි මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගේ ප්‍රදානත්වයෙන් එම මාධ්‍ය හමුව පැවැත්වුණා.

මෙම නව නිෂ්පාදනයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අනුමැතිය හිමිව ඇති බවයි මෙහිදී හෙළිවුණේ.