Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පොලිසිය දැක පලා ගිය අයෙක් ළිඳකට වැටී මරුට

1 year ago

කොච්චිකඩේ – ඇත්ගාල තේක්ක වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසක් සූදු පොළක් වැටලීමට ගිය අවස්ථාවේදී ඉන් පලා ගිය පුද්ගලයෙකු ළිදකට වැටී ඊයේ (04) මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි කඳාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිස් නිලධාරීන් වැටලීම සිදු කරන අවස්ථාවේදී එහි 25 දෙනෙකුට ආසන්න පිරිසක් සිට තිබෙනවා.

එහිදී 09 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.