අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් පෙරලි එහි ගමන් ගත් කුඩා ළමුන් ඇතුළු 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාලකරුවන් රෝහල් ගත කිරීමට පියවර ගත් බව නානුඔය පොලිසිය සඳහන් කළා.
අද (08) පස්වරු 2:30ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයෙ නානුඔය හුළංවංගුව ප්‍රදේශයේදියි.
තලවකැලේ සිට නුවරඑළිය හරහා උඩු පුස්සැල්ලාව දක්වා ධාවනය කළ ත්‍රීරෝද රථයක් මෙසේ අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.
