දේවස්ථානයට ගොස් නිවෙසට යමින් සිටි 11 හැවිරිදි පාසල් සිසුවකු ලොරි රථයකට යටවී මියගොස් ඇතැයි කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසනවා.
මෙසේ මියගොස් ඇත්තේ කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවකු බවයි පොලිසිය පැවසුවේ.
මියගොස් ඇති පාසල් සිසුවා මුහුදුබඩ දෙස සිට ගොඩබිම දෙසට පාර මාරුවීමේදී ගාල්ල දෙසින් පැමිණි ලොරියට යටවී ඇති බව විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය සඳහන් කළා.
බරපතල තුවාල ලැබූ පාසල් සිසුවා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි ද පොලිසිය පවසනවා.
ලොරි රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) ඉදිරිපත් කිරීමට නියමිතයි.
