මෙතෙක් කාලයක් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්, වැඩිහිටියන්, බොහෝ දෙනෙක් මුහුණ දුන් ප්‍රධාන ගැටලුවකට විසඳුම් ලබා දෙමින් සර්වජන භාරය පිහිටුවීම කොළඹ ශැන්ග්‍රීලා හෝටලේදි පසුගියදා සිදු කෙරුණි.
සර්වජන භාරයේ ප්‍රදායක භාරකරු පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස්, චීන නියෝජ්‍ය තානාපති, ඉන්දිනීසියානු මහකොමසාරිස්, මාලදිවයින් තානාපති මෙන්ම කැනඩා, ජපන්, රුසියානු, තායිලන්ත, නේපාල ආදි රටවල රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් , ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් , මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියේය.
ව්‍යවසායකත්ව මගට පිය මැනීමට උත්සාහ කරනා ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ප්‍රාග්ධනය, මගපෙන්වීම, අවස්ථාවන් සහ අභිප්‍රේරණය ලබා දීමේ අරමුණින් මෙම භාරය පිහිටුවා තිබේ.





